
දේශගුණික අර්බුදය තව දුරටත් දුරස්ථ තර්ජනයක් නොවේ. එය දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා භුමියේ සිදුවෙමින් පවතී. මෙවර ජාත්‍යන්තර මිහිතල දිනයේදී ශ්‍රී ලංකාව මත දේශගුණික විපර්යාස නිසා ඇතිවන අර්බුදයේ බලපෑම මෙසේ හෙළි කරමු.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ගංවතුර, නියඟ සහ තවත් දේශගුණික ආශ්රිත ව්‍යසන කිහිපයක් ශ්‍රී ලාංකිකයින් මිලියන ගණනක් පීඩාවට පත් කර ඇත. බොහෝ දෙනෙක් පාරිසරික වෙනස්කම් හේතුවෙන් ගැඹුරින් බලපෑමට ලක් වූ කර්මාන්ත මත විශ්වාසය තබති. දේශගුණික විපර්යාසවලින් වැඩිපුරම පීඩාවට පත් වූවන්ගෙන් 80% ක් වන කාන්තාවන් ව්‍යුහාත්මක අසමානතාවයන් නිසා ඇතිවන අමතර අභියෝගවලට මුහුණ දෙති.
එපමණක් නොව, දේශගුණික විපර්යාස සහ සම්පත් හිඟය හේතුවෙන්, ජලය සහ ඉඩම් සඳහා තරඟකාරිත්වය දැනටමත් ගොවීන් අතර ගැටුම් ඇති කර තිබේ. අධික පිරිවැය, යටිතල පහසුකම් නොමැතිකම සහ දැනුමට ඇති සීමිත ප්‍රවේශය නිසා කෘෂිකර්මාන්තය මත යැපෙන ප්‍රජාවන් ගේ නවෝත්පාදනයට බාධා ඇති වී තිබේ.
එපමණක් නොව, ප්‍රක්ෂේපණවලින් පෙනී යන්නේ 2050 වන විට ශ්‍රී ලාංකිකයින් මිලියන 19 ක් මධ්‍යස්ථ හෝ දරුණු දේශගුණික අවදානම් සහිත ස්ථාන ලෙස වර්ගීකරණය කරන ලද ප්‍රදේශවල ජීවත් වන බවයි.
දේශගුණික අභියෝග ආමන්ත්රණයට සඳහා තිරසාර විසඳුම් සෙවීම සඳහා රජය, සිවිල් සමාජ සංවිධාන (CSOs) සහ ප්‍රාදේශීය ප්‍රජාවන් එක්ව කටයුතු කරන සහයෝගී ප්‍රවේශයක් අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම පිළිබඳ වැඩිදුර දැනගැනීම සඳහා අප සමග රැඳී සිටින්න.
මෙම වීඩියෝව පාරිසරික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතියේ කොටසක් ලෙස නිෂ්පාදනය කර ඇත. එම ව්‍යාපෘතිය මහා බ්‍රිතාන්‍යයේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලය විසින් කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය මගින් අරමුදල් සපයනු ලබන; ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය (IWMI), #Chrysalis සහ දරිද්‍රතා විශ්ලේෂණ මධ්‍යස්ථානය (CEPA) විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම වීඩියෝවේ ස්වර්ණවාහිනි, නිව්ස් 1st, හිරු ටීවී සහ රූපවාහිනියේ විකාශය වූ දර්ශන අඩංගු වේ. මෙය නිෂ්පාදනය කර ඇත්තේ ශාර්නි ජයවර්ධන විසිනි.
The climate crisis isn’t a distant threat. It’s been happening for decades in Sri Lanka. Let’s uncover its impact in Sri Lanka on International Mother Earth Day.
According to the UN, floods, droughts, and several other climate-related disasters have affected millions of Sri Lankans. Many rely on industries deeply affected by environmental changes. Women who make up 80% of those most affected by climate change face additional challenges due to structural inequalities.
Moreover, due to climate change and the scarcity of resources, competition over water and land already sparked conflicts between farmers. Agriculture-reliant communities also have barriers to innovation due to high costs, lack of infrastructure, and limited access to knowledge.
Furthermore, projections indicate that by 2050, 19 million Sri Lankans will reside in areas classified as moderate or severe climate hotspots.
A sustainable solution to climate challenges requires a collaborative approach where the government, civil society organizations (CSOs), and local communities work together. Stay tuned to learn more about building resilience towards climate change in Sri Lanka.
The video is produced as part of the Building Resilience project, funded by the Foreign, Commonwealth & Development Office through the British High Commission Colombo and implemented by the International Water Management Institute (IWMI), #Chrysalis and Centre for Poverty Analysis (CEPA). The video contains clips from Swarnawahini, News 1st, Hiru TV, and Rupawahini, and was produced by Sharni Jayawardena.
About Chrysalis
Chrysalis transforms communities and institutions to embrace diversity and catalyze inclusive growth for women and youth.
Website: https://www.chrysaliscatalyz.com
YouTube: https://www.youtube.com/@chrysalisgtesl
Facebook: https://www.facebook.com/chrysalisgtesl
Instagram: https://www.instagram.com/chrysalisgtesl
X: https://x.com/chrysalisgtesl
#Chrysalis #IWMI #CEPA #SriLanka #ClimateJustice #ClimateResilience #ClimateAction #CommunityDevelopment #JusticeForEarth #InvestInOurPlanet #IntegratedClimateSolutions #WaterSecurity
source